Wednesday, April 17, 2019

මූල්‍ය වෙළඳපොලේ විශ්මිත පෙරලියක් කල තනි ඇහැක් ඇති අපේ කාලේ මිනිසා - Dr. Michael Burry


කොටස් වෙළදපොල හෝ මූල්‍ය වෙලදපොල ගැන අපි පොත් පත්, ලිපි web posts බලලා කියවලා තියෙනවා. අපිට නිතරම අහන්න ගැටෙන්න ලැබුන Warren Buffet, Dhammika Perera, Bill Gates වගේ ප්‍රකෝටි පතියන් ගෙන් ගොඩක් පාඩම් අපි ඉගෙන ගෙන තියනවා ඇති. ඒත් මේ photo එකේ ඉන්න කෙනා ගැන එච්චර ඔයාගෙ ඇස ගැටිලා නැතිව ඇති. The Big Short කියන movie එකේ මෙයා ගැන අපි දකිනවා. සමහරු ඒ movie එක දැකලත් ඇති.

ඒ කොයිහැටි වෙතත් මේ වෛද්‍ය වරයා කුඩා කාලයෙදීම එක ඇහැක් අහිමි වුන කෙනෙක්. ඒ පිලිකාවක් නිසයි. ඔහුට එක ඇහැක් තිබිලත් වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා වෛද්‍ය වරයෙක් වෙන්න තරම් දක්ෂයෙක්. 

වර්ෂ 2003 වගේ ඉඳලා හැම රටකම වාගේ බැංකු ණයට දෙන්න මාර ආසාවක් තිබුනා. ආපෙ රටෙ ඒක එච්චර ලොකුවට දැනුනේ නැති වුනත්, සමහර බැංකු අනිත් බැංකු වලටා වඩා ණයට දීමට යුහුසුළු වුනා මමත් අත් දැක්ක. අපේ රටේ මූල්‍ය වෙළදපොල තවම දියුණු වෙමින් පවතින තැනක් නිසා එහෙම වුනෙ අපේ වාසනාවකට වෙන්න ඇති.

ඇමෙරිකාවෙ බැංකු වල වැඩ්ඩොන්ට මේ කාලේ පුදුම කාලයක්. ඒ වාගෙම ණයට ගන්න ඒ ර⁣⁣ටෙ අයටත් සුන්දර කාලයක් වුනා. විෂෙශයෙන් ගෙවල් ණය වෙලා ගන්න අයට මේ කාලෙ අදහගන්න බැරිවුණා. එකම ගෙදරට සමහර අය බැංකු හතර පහකින් ණයට ගත්ත.. සමහරුන්ට රස්සාවක් වත් නැතුව අතේ පිච්චයක්වත් නැති අයටත් මේ බැංකු ණයට දෙන්න තරම් මොලේ කචල් වුනා. සමහර අය ගෙදර ඉන්න බල්ලා ගේ නම පාවිච්චි කරලා ණය ඇරං.. ඔයාට පුඳුම ද? ඇත්තටම ඇමෙරිකාවෙ මේ වැඩේ වුනා.

2005 කියන අවුරුද්දේ මෙ මම කතා කරන වෛද්‍ය Michael Burry ඇස් දෙකෙන්ම බල බල නොපෙනෙන මිනිස්සු, ඒ කියන්නෙ බැංකු වල සහ වෙනත් විෂෙශිත මුල්‍ය වෙළදපොලේ ආයත්න වල වැඩ කරපු ඉහල පුටු වල ඉන්න ⁣අය, ඇමෙරිකාවෙ දේශපාලනෙ කරන අය, ආර්ථික විෂේෂඥයින් වාගේම රටේ ජීවත් වන අය මේ තනි ඇහේ මිනිසා දැක්ක දේ ඇස් දෙකෙන් දැක්කේ නැහැ.

Michael Burry ට තේරුනා මේ dollar බිලියන ගනන් සැරිසරන ගෙවල් නයට දෙන සුවිශාල ව්‍යාපාරය තව ටික කාලයකින් කඩා වැටනව කියලා. එයා බැංකු වලට ගිහිල්ලා මෙම housing market එක short කරන්න මුදල් ආයොජනය කරන්න ඕනෙ කියලා කිව්වා. සමහර බැංකු නිලදාරින් එයාට හිනා වුනා. පිස්සුද කිව්ව. එයාල කිව්වෙ ගෙවල් කියන්නෙ මිනිස්සුන්ට ඉතාමත් අත්‍යාවශ්‍ය නිසා කවම දාකවත් ඒක කඩා වැටෙන්නෙ නැහැ කියලා.

ඇත්තටම ඔහු අමුතු චරිතයක්. එයාටම කියලා company එකක් තිබ්බා. Dollar මිලියන ගනන් ආයොජන කරන දැවැන්ත ආයතනයක්. ඒත් එයා ලොක්කා වුනාට office එන්නෙ මේ photo එකේ ඉන්න විදිහට. Tie coat කලිසම් සපත්තු කිසිදෙයක් නැහැ. T shirt එකයි කොට කලිසමයි සෙරෙප්පු යි. එයා තමයි managing director. එයා බැංකු වලටත් ගියෙ මිලියන ගණන් බිලියන ගණන් investments ගැන බැංකු නිලදාරින් එක්ක  කතා කලේ ඒ විදිහට ඇඳගෙන ගිහින්.

2005යෙ ඔහු housing market එක short කලා. Dollar මිලියන සිය ගණනක් ආයොජනය කරා. ඔහු ඒ වගේ ආයොජනය කලේ ඔහුගෙ ආයතනයට ආයොජනය කල ආයොජකයින්ගේ මුදල්. එතකොට එම ආයෝජන ය ව්කුණනකන් අායොජනයෙ අගය දැනුම් දෙන්න ඕනේ. ඔහු දවස් පතා එම අගය ප්‍රතිශතයක් ලෙස white board එකක ලියුවා. ඒක තමයි ඔහුගේ company එකේ සිරිත. දවසින් දවස එම ආයොජනයේ අගය පහතට කඩාවැටුනා. මේ විදිහට එක දිගට අවුරුදු දෙකකට වඩා වටිනාකම රින අගයකින් දොලනය වුනා.

බහුතරයක් ආයොජකයින් ආයොජනයෙ අගය අඩුවෙනකොට බලන් ඉන්නැහැ. එ්ක ඇමෙරිකාවෙ කියල වෙනසක් නැහැ. ඔහුගෙ ආයොජකයින් ඔහුට බැන්නා, සාප කලා, දෙස් තිබ්බා, මුදලුත් ගත්තා. අන්තිමට ඔහුට ඇති බලය පාවිච්චි කරලා ඉතිරි ආයෝජකියින්ට මුදල් ගැනීමට තහන්චියක් දැම්ම. ඔහුට පීඩනය දැඩි වුනා. ඒ දවස් ගණන් නෙවෙයි, අවුරුදු ගණන්. 

මේකට හේතුව වුනේ මුල්‍ය වෙළඳපොලේ කට්ටිය housing market එක කඩාවැටෙන එක නවත්තන්න නොයෙකුත් උප්පරවැට්ටි දැම්ම නිසයි. ඔය අතරෙ නම්දරාපු ඉහල පැලැන්තියේ දහස් ගණන් අය housing market එක කවමදාකවත් කඩා වැටෙන්නෙ නැහැ කියලා ජන මාද්‍යයේ නොයෙකු ස්තාන වල දින පතා කියන්න පටන් ගත්තා. හැමෝම ඒ අයව විශ්වාස කලා, michael ව අවතක්⁣සේරු කලා. එයා කොන්වුනා. සාමාන්‍යයෙන් එයා නිහඬ කෙනෙක්. ඔහු ආයොජන විශ්ලේෂණය කරන්නෙ අනිත් අයගෙන් අහල, rumours වලට හෝ tips වලට නෙවෙයි. තනියෙන් තම දැනුම පාවච්චි කරල. එහේ ⁣සහ මෙහෙත් එහෙම අය හරි විරලයි. ඒ අය බොහොදුරට කොන් වෙනවා.

නමුත් 2008 housing market එක කාඩා වැටුනා. ඇමෙරිකාවෙ ආර්ථිකයම කඩා වැටුනා. ලෝකයෙ අනිත් රටවල් සියල්ලේම ආර්ථික කඩා වැටුනා. මේ විනාශය ඉදිරියේ බොහෝ අය සහ ආයතන නැත්තට නැතිවුනා. Dr. Michael Burry ගේ ආයොජනය ඔහු විකුණන කොට එහි අගය සියයට 489 කින් වැඩි වී තිබුනා.


කොටස් වෙළදපොල සහ මුල්‍ය වෙළදපොල කියන තැන් වලින් සහ ආයොජනයන් වලින් හිතන්න බැරි තරම් ලාභ ලබන්න නම් රැලෙන් මිදෙන්න ඕනෙ. මිදිලා තමන් ට පෙනෙන දේ පසු පසු යන්න ඕ⁣න බව ඔහු අපිට දෙන වැදගත් පාඩමක්. ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරන හැටි හොඳටම කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ආයොජනයෙදි තමන්ට ආවේනික දේ වටහ ගෙන එය හොඳට ප්‍රගුණ කරගෙන එහි රැදී සිටීම ගැන මොහු අපිට කියාදෙනවා. ඒ වාගේම ආයොජනයේ අගය කොපමන අඩුවුනත් ඔහු එම ආයොජනය කරන්න හේතු සාදක වුන සත්‍යයෙන් අයින් වෙන්නැතුව ඒ ⁣ගැන මනා අවබොදයකින් අදාල කරුනු රැස් කරමින් ඒ දේවල් වලට විසඳුම් සොයාගෙන ආයොජනයෙ රැඳී සිටීම අපිට දෙන තවත් පනිවිඩයක්.

No comments:

Loss and Gain of the ASI in 2021 vs the Loss in 2022

  This ASI chart shows the All time high in 2021 of 9025.82 on the 29th 0f Jan'21 and the fall to the yearly low of 6852.64 on the 19th ...