Thursday, July 18, 2019

GW strategy

1992 Mr. GW කියල investor කෙනෙක් මට හම්බ වෙනවා. මේ තැනැත්තා Marine Engineer කෙනෙක්. ඒ නිසා එයා වැඩි පුර ඉන්නෙ මුහුදෙ. නෝනා දරුවො දෙන්න බලා ගෙන ගෙදර ඉන්නවා. දවසක් මෙයා ගෙදර ආවම දැන ගන්නවා නෝන ට අනියම් සම්බන්ධයක් තියෙනවා කියල. වයස 10 ක් විතර දුවයි 7ක් විතර පුතයි මෙයාගේ භාරයට ඇර ගෙන නෝන ගෙන් මෙයා වෙන් වෙනවා.
ඊට පස්සෙ මෙයා නැවේ වැඩට යන එක නතර කරනවා. නතර කරලා දරුවො දෙන්නව බලාගෙන ගෙදර ඉන්නවා. දරුවන් දෙන්නව ඉස්කොලේ යවලා (රටේ තියෙන සුපිරි ඉස්කෝල දෙකක), එයා යනවා මු⁣හුදේ beach run එකකට. ඊට පස්සෙ wash එකක් දාලා උදේ 10 ට විතර එනවා අපේ office එකට. ඒ වෙන කොට market එකේ busy time එක ඉවර වෙලා, ගොඩක් අය rest කරනවා. මේ වෙලාවට ගොඩක් දෙනා උදේ තේ එක බොන වෙලාව. ගොඩක් දෙනාගේ අවදානම shares වලින් වෙන දේවල් වලට ගිහින්. මෙයත් තේ එකක් තොල කටගා ගෙන shares ගන්න හා විකුණන්න පටන් ගන්නවා. එතුමාගේ Investment strategy එක අපි කාටත් වටින නිසා පහතින් සටහන් කරනවා. ඊට පලමුව කියන්න ඕනෙ මෙයා හොඳට සල්ලි තියෙන කෙනෙක්. ඒත් සල්ලි නිකන් වීසි කලේ නැහැ.

GW strategy

1. තමන්ගෙ මාසික වියදමට සරිලන විදියට ඔහුගේ වත්කමෙන් ප්‍රමාණයක් fd එකක දානවා.
2. ඉතිරි ප්‍රමාණය කොටස්වල invest කරනවා.
3. Market එකේ එයාට ආවෙනික සමාගම් වලට ආයොජනය කරන එක තමයි එයා කැමති. වෙන අය මොනවා ගත්තත්, ඒ කියන්නෙ රැල්ලට යන අය මොන කොටසක් ගත්තත්, එයා ගන්නෙ එයාගේ list එකෙ shares විතරයි.
4. සමාගමක කොටස් දහස් ගනන් ගන්න පුළුවන් හැකියාවක් තිබුනත්, ගන්නෙ 50,100,200 හෝ වැඩිම වුනොත් 300.
5. ඉන් පස්සේ ඒ ගත්ත සමාගමෙ කොටස් එක්කහු කරනවා.
5. දාන්නේ GTC orders. සහා market price එකට වඩා අඩුවෙන් ඒ orders දානවා. නිතරම shares 50 හෝ 100 එක order එකට දානවා. උදාහරණයක් හැටියට ඒයා UBC එකතු කරනවා නම්. Share එකක market price එක 12.30 නම්, 11/90 ගණනෙ 50, 11/70 ගානේ 50, 11/50 ගානේ 50, 11/00 ගනනේ 100 වගේ orders දානවා. ඒ buy orders.
6. Sell orders දාන්නෙත් මේ විදිහටමයි. එයාගේ Sampath average එක 140/= නම්, 155 ගානේ 50, 158/= ගානේ 50, 160/= ගානේ 50ක්, 165 ගානේ 100ක් වගේ orders දානවා.

එතුමා මට හම්බවෙනකොට අවු 47, අද අවු 74. පුතා කොටිපති ව්‍යාපාරිකයෙක්. ඔහුගේ business එක පටන් ගන්න මුදල් ආයෝජනය කලේ මේ තාත්තයි. දුව professional banker කෙනෙක්. ඇයට ගෙදර හදන්න මුදල් වලින් උදව් කලේ මේ අපූරු මිනිසායි.

වයසින් මුහුකුරා ගිය මේ අනර්ග ආයෝජකියින්ට සාපේක්ෂව අද ඉන්න අයගෙන් මෙවැනි අය මුන ගැසීම හරි විරලයි. මම අදටත් හොයන්නෙ මේවගේ ආයොජකයින්. අඩු ගානේ මේ ලිපියෙන් කවුරු හරි ප්‍රයෝජනයක් ඇරගෙන consistent strategy එකක් එක්ක දිගුකාලීන ආයොජනයට අවතීර්ණ වන්න කියා පතනවා.
අවසානය දක්වා ලිපිය කියෙව්ව ඔයාට මම සුභ පතනවා එවැනි කෙනෙක් වේවායි කියා.

No comments:

How Algos React Faster Than Humans in the US/Israel vs Iran Conflict

 In the five weeks since hostilities began in the Middle East, financial markets have displayed a striking and recurring pattern. Within sec...