Thursday, January 12, 2017

කොටස් වල ආයෝඡනය සහ වෙළදාම් කරන විදිහ.


කොළඔ කොටස් වෙළඳ පොල කියන තැන කරන්නේ ව්‍යාපාර සමාගම් වල කොටස් ගැනීම සහ විකිණීමයි.එක්කනෙක් විකුණන කොට තව කෙනෙක් ඉන්නවා ඒ කොටස් මිලදී ගන්න.

මෙතන එක එක විදිහෙ අය කොටස් ගන්නවා විකුණනවා. මේ අයට අනේක විධ හේතු තියනවා ගැනීම් සහ විකිණීම් කරන්න. හැබැයි ගොඩක් අය වෙළඳාම් කරන්නේ හරි හේතුවක් නිසා නෙවෙයි. පලපුරුදු අය කියන්නේ ගොඩක් දෙනා කොටස් ගන්නේ පෙරේත කම නිසාලු, විකුණන්නේ භයටලු. ඒ කියන්නේ භය සහ පෙරේත කම අතරේ මිල ඉහල පහල දෝලනයවෙන තැනක් තමයි කොටස් වෙළඳ පොළ.

ඒත් මේ දෙක අතර හරියට ආයෝජනය සහ වෙළඳාම් කරන කුඩා කණ්ඩායමක් ඉන්නවා. මෙන්න මේ කණ්ඩාමේ කෙනෙක් වෙන්න පුලු වන්නම් ඔයාට සාර්ථක වෙන්න පුලුවන්.

ඉස්සෙල්ලම ගිනුමක් අරින්න ඕනෙ. ඊට පස්සේ ඔයාගෙ ආයෝජන උපදේ‍ෂක
වරයා සමග කථා කරගෙන ආයෝජකයෙක් හෝ වෙළඳාම් කරුවෙක් වෙන්න පුලුවන්.

ආයෝජනය සහ වෙළඳාම් කිරීීම කියන්නෙ එකක් නෙවෙයි දෙකක්. මේ දෙකේ වෙනස ඔයා දන්නවා නම් ඔයා 70% - 80% ගොඩ.

ආයෝජකයා තමා ආයෝජනය කරන සමාගම ගැන හසල දැනුමක් අැති කෙනෙක්. ඔහු කොටස් මිලදී ගන්නේ සමාගමේ කටයුතු කරන විලාශය අනුව එහි වටිනා කම ඉහළ යන බව දන්නා බැවිනි. ඉතාමත් හොඳම වෙලාව තමයි ඇසට් වැලියු එකට වඩා අඩුවෙන් ෂෙයා එක ට්‍රේඩ් වෙන වෙලාව. මිලියන 4ක් වටින කාර් එකක් මිලියන 2කට ඔයාට හම්බවුනොත්? ඒ වගේ රුපියල්‍ 100ක් වටින ෂෙයා එක රුපියල් 50ට විකුණන කොට? ආයෝජකයා ඒ වගේ මිල අඩු කොටස් මිලදි ගන්න මාන බලාගන ඉන්නවා.

ආයෝජකයා ගන්න ෂෙයාස් එයා අාවට ගියාට වකුණන් නැහැ. අවු. 3ට වැඩි කාලයක් අල්ලගන ඉන්නවා. මේ අල්ලගන ඉන්න කාලෙදි සමාගම එයාට ඩිවිඩන්ඩ්ස් කියලා නිකන් සල්ලි දෙනවා, ස්ප්ලිට් කියලා නොමිලේ ෂෙයාස් දෙනවා, ස්ක්‍රිප් ඩිවිඩන්ඩ්ස් කියලා නිකන් ෂෙයාස් දෙනවා, තව කැපිටලයිසේ‍ෂන් ඔෆ් රිසව්ස් කියලත් ෂෙයාස් දෙනවා. ඊට අමතරව රයිට්ස් ඉෂූ කියලා අඩු ගනණට ෂෙයාස් දෙනවා. ඒ විතරක් නෙවෙයි වාර්ෂික රැස්වීම් වලදී කන්න දීලා තෑගිත් දෙනවා.

ට්‍රෙඩ කෙනෙක් එහෙම නැහැ. එයා වැඩි හරියක්  ට්‍රෙඩ් කරන්නේ චාට්ස් වලින්. ඊට අමතරව කට්ටියක් ඉන්නවා සමාගමේ විවිධ වාසි අවාසි ට්‍රෙඩ් කරන අය. ඒ වාගේම එක එක ස්ටයිල් එකට ට්‍රෙඩ් කරන්න පුලුවන්. සිල්ලර කඩයක් වගේ හෝ තොග කඩයක් වගේ ට්‍රෙඩ් කරන්න පුලුවන්. ට්‍රෙඩ කෙනෙක් දවසක සිට සති කිහිපයක් හෝ උපරිම මාස කිහිපයක් විතරයි ෂෙයා එකක් තියා ගන්නේ. පාඩුවට හෝ ලාභයට එයා ඒක විකුණනවා.

ඔයා ඉන්වෙස්ට කෙනෙක්ද, ට්‍රෙඩ කෙනෙක්ද වෙන්න ඕනෙ කියලා දැනගෙන ඉදිරියට යන්න මට කථා කරන්න. මගෙ නම්බර් එක 0773219506.

සත පහක් වත් වියදන් නොකර අනුන්ට බරක් නැතුව දැණුමෙන් දියුණු වෙන්න ඉගන ගන්න. හංගලා ගැහිලි හොර වැඩ බොරු කිරීම් කිසිදෙයක් මෙතන නැහැ. හරියට කලොත් මෙක තමයි ලංකාවේ තියන එකම සහ හොඳම නිත‍්‍යානුකූල ඉන්ටනෙට් බිස්නස් එක. මට කථා කරන්න.

මේ ගැන තව පෝස්ට් එකක් විජහටම බලාපොරොත්තු වෙන්න.

No comments:

How Algos React Faster Than Humans in the US/Israel vs Iran Conflict

 In the five weeks since hostilities began in the Middle East, financial markets have displayed a striking and recurring pattern. Within sec...